Saturday, February 8, 2025

General line - 0115112241

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් පිටවීමේ කාඩ්පත් පිවිසීම බිඳවැටේ.




ශ්‍රී ලාංකිකයින්ට දිවයිනෙන් පිටත්ව යාම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්පූර්ණ කළ යුතු පිටවීමේ කාඩ්පතට පිවිසීමට නොහැකි බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා දෙස් විදෙස් ජාතිකයන්ට පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. 

ශ්‍රී ලාංකිකයින්ට දිවයිනෙන් පිටවීම සඳහා වූ අදාළ කාඩ්පත සම්පූර්ණ කිරීමට පිවිසීමේදී අයදුම්කරුගේ ජංගම දුරකතන අංකය එහි ඇතුළත් කළ යුතුයි. 

ඉන් අනතුරුව එම ජංගම දුරකතනයට OTP අංකයක් යොමු කෙරෙනවා. 

එහෙත් ජංගම දුරකතන අංකය ඇතුළත් කිරීමෙන් අනතුරුව එම OTP අංකය නොලැබෙන බවයි නෙත් ශ්‍රාවකයන් කිහිපදෙනෙකුම පැවසුවේ.