තීරු බදු නොගෙවා මෙරට ගෙන්වන ලද බීඩි කොළ සමග සැකකරුවන් දෙදෙනෙකු වෙන්නප්පුව, කඩවත වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
බීඩි කොළ කිලෝග්‍රෑම් 1,382ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙන්නප්පුව හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක්, ෆයිබර් බෝට්ටුවක්, බෝට්ටු එන්ජිමක්, ප්ලාස්ටික් ටැංකියක්, ඨඡී යන්ත්‍රයක් හා ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම වැටලීමේදී පළමු සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු රුපියල් ලක්ෂ 05ක මුදලක් අල්ලස් වශයෙන් පොලිස් නිලධාරීන්ට ලබාදීමට තැත්කිරීමේදී එම මුදලද, සිය භාරයට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර, තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද වියළි ඉඟුරු තොගයක් සමග සැකකරුවෙකු නොරොච්චෝලය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත නොරොච්චෝලය, දළුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එහිදී වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 400යි ග්‍රෑම් 250ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අකුරණ හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.