Thursday, February 13, 2025

General line - 0115112241

නොරොච්චෝලේ අද පනගන්වන්න දැඩි උත්සහයක්




බිඳවැටුණු නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු යුහුසුළුව සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ අද පස්වරුව වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට උපරිම උත්සහයක් ගන්නා බවයි. 

එසේ වුවහොත් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ඔහු සඳහන් කළා.

 කෙසේවෙතත් විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පැවසුවේ බිඳවැටුණු නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් අද දිනයේද විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බවයි. 

ඒ අනුව අද දිනයේ සිදු කරන විදුලි කප්පාදුව පිළිබඳ අද පෙරවරුවේ තීරණය කිරීමට නියමිතයි. බොහෝ දුරට විදුලි කප්පාදුවක් සිදුවුවහොත් එය සිදු වන්නේ පස්වරුවේ බැවින් අද උදෑසන විදුලි කප්පාදුකරන වේලාවන් පිළිබඳ නිල වශයෙන් දැනුම්දෙනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්කළේ. 

ඉකුත් 09 වනදා සිදුවූ හදිසි විදුලිබිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ආරක්‍ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ජනක යන්ත්‍ර 03ම අක්‍රීය වුණා. 

නොරොච්චෝලේ සම්පූර්ණයෙන්ම බලගැන්වෙන තුරු කලාප වශයෙන් පැය එක හමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට තීරණය කෙරුණා. 

ඒ, ඉකුත් සඳුදා සිටයි.