Thursday, February 13, 2025

General line - 0115112241

අදත් පැයක විදුලි කප්පාදුවක්




අදත් පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව දිවයින පුරා විදුලිය විසන්ධි කරනු ලබන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. 

ඒ අනුව සවස 05ත් 6.30ත් අතර කාලය තුළත්, සවස 06ත් 7.30ත් අතර කාලය තුළත්, රාත්‍රී 07ත් 8.30ත් අතර කාලය තුළ සහ රාත්‍රී 08ත් 9.30ත් අතර කාලය තුළ පැයක කාලයකට විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. 

පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට මෙලෙස විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවේ.

Media Release Demand Management on 2025.02.13 by Nethfm on Scribd