ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය නායකයින් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කරමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලෝක රාජ්‍ය නායක සමුළුව අමතමින්.
රාජ්‍ය ආයතන ව්‍යූහය සහ නිලධාරී තන්ත්‍රය තම ක්‍රියාවලියන් ගැන වගකීමේ සහ වගවීමේ අවශ්‍යතාවයද අනාගත ලෝකයට තීරණාත්මකව බලපාන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.
ඩිජිටල් සෞඛ්‍ය, නව තාක්ෂණ සහ නවීන සෞඛ්‍ය උපකරණ, පාරිසරික සෞඛ්‍ය හා තිරසාරභාවය, ආර්ථිකව අවදානම් සහිත රටවල් සඳහා සෞඛ්‍ය මූල්‍යමය සහයෝගය පිළිබඳ මූලිකව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට එක් වන ලෙස වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට අරමුණක් එක් කළ බවත් ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.