ඉන්දියාවට පලා ගොස් සිටි මෙරට ලියාපදිංචි අපරාධකරුවෙකු ඊයේ රාත්‍රියේ ගුවන් මගින් දිවයිනට රැගෙන විත් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ කප්පම් ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙම අපරාධකරුට චෝදනා එල්ල වී තිබුණු බවයි.
මෙලෙස රැගෙනවිත් ඇත්තේ මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නමැති අපරාධකරු බවයි ඔහු කියා සිටියේ.
ඉදිරියේදීද මෙලෙසම විදෙස් රටවලට පලා ගොස් සිටින අපරාධකරුවන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පොලීසිය කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.