Thursday, February 13, 2025

General line - 0115112241

නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට




නීතිවිරෝධීව එකලස් කරන ලද ජීප් රථයක් කූට ලේඛන මගින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පැලවත්ත ප්‍රදේශයේදීයී. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මෙම ජීප් රථය ධාවනය කළ පුද්ගලයා හෝ වෙනත් කණ්ඩායමක් අදාළ රථය කොටස් වශයෙන් මෙරටට ආනයනය කර නීතිවිරෝධීව එකලස් කරන ලද හෝ සොරකම් කරන ලද රථයක චැසි අංකය හා එන්ජින් අංකය කූට ලෙස වෙනස් කර කූට ලේඛන හරහා රථය ලියාපදිංචි කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. 

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම ජීප් රථයේ අංකයම යොදා ගනිමින් නීති විරෝධීව මෙරටට කොටස් ගෙන්වා එකලස් කරන ලද ජිප් රථයක් සන්තකයේ තබාගෙන සිටි මීගමුවේ පුද්ගලයෙකු 2019දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.