මෙම මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද දිනයේදී එම ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව රුපියල් දොළොස් බිලියන, පන්සිය පනස් පස් මිලියන, හයසිය පනස් එක් දහස්, දෙසිය පනහක මුදලක් එලෙස අදාළ ගිණුම්වලට බැර කෙරෙනු ඇති.
එම මුදල ප්‍රතිලාභී පවුල් දාහත් ලක්ෂ විසි පන්දහස් හත්සිය අනූ පහක් අතරේ බෙදා හැරිමට නියමිතයි.
අදාළ ප්‍රතිලාභීන්ට අද දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල අස්වැසුම බැංකු ගිණුම හරහා ලබාගත හැකි බවයි සුබසාධක ප්‍රතාලාභ මණ්ඩලය පැවසුවේ.