එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට ඩුබායි වෙත ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා සමග එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිසද යළි දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයෙකු සඳහන් කළේ.
ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඩුබායි බලා පිටත්ව ගියේ ඉකුත් 10 වනදායි.