තැපැල් දෙපාර්තමේන්තුව ව්‍යාපාරික සේවාවක් බවට පරිවර්තනය කළ යුතු බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
මේ වනවිට පෞද්ගලික අංශය මෙම ක්ෂේත්‍රයට පිවිස ඔවුන් සතුව ඇති සීමිත සම්පත් උපයෝගී කර ගෙන අධික ලාභ උපයන බවත්, තැපෑල සමාජීය වගකීම් ඉටු කරමින් ලාභ පාඩු නොමැතිව පවත්වා ගෙන යන තත්වයට පත් කර ගත යුතු බවත්, තැපැල්පතිවරයා පෙන්වා දුන්නා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ කටුනායක ප්‍රධාන තැපැල් කාර්යාලය නවීකරණය කර යළි විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින්.
කටුනායක තැපැල් කාර්යාලය මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ තවත් ඒ අවට ස්ථාපිත කර්මාන්තශාලා මෙන්ම ගම්මාන රාශියකට සේවා සපයන එකම තැපැල් කාර්යාලයයි.
මෙම තැපැල් කාර්යාලය මගින් විදේශීය රටවල අවසර ලත්, විදේශීය රටවල් වෙත සිදු කෙරෙන අධිවේගී ජාත්‍යන්තර තැපැල් සේවාවක් පවත්වා ගෙන යනු ලබන අතර, එමගින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් සේවා සළසා ගනිමින් සිටිනවා.
මෙම සේවාව ඔස්සේ අඩු මිළ ගනන් යටතේ කටුනායක තැපැල් කාර්යාලයට භාර දුන් ඕනෑම ප්‍රමාණයක පාර්සලයක් දින 04ක් වැනි කෙටි කාළයක් තුළ, එම රටවලට ළඟා වීම සිදු වනවා.