Thursday, February 13, 2025

General line - 0115112241

ඉන්දීය අග්‍රාමාතවරයා අමෙරිකාවට යයි




ඉන්දීය අග්‍රාමාතවරයා සහ අමෙරිකානු ජනාධිපති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා  

ඒ වොෂින්ටන් නුවර දී

ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා බලයට පත්වීමෙන් පසු දෙරටේ නායකයින් අතර සිදුවන පළමු හමුව මෙය වන අතර සිව්වන අග්‍රාමාත්‍යවරයා ද වනවා 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පළමුව ඇමෙරිකාවේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් හමුවී තිබෙනවා.

එහිදී  ත්‍රස්තවාදයට එරෙහි සහ තර්ජන සඳහා බුද්ධි සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙන්ම දෙරට අතර සබඳතාවල විවිධ අංශ සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම හමුවේදී නායකයින් දෙදෙනා වෙළඳාම, ආයෝජන, බලශක්තිය, ආරක්ෂක, තාක්ෂණය සහ සංක්‍රමණ වැනි ක්ෂේත්‍රවල ඉන්දියා-ඇමරිකානු සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ