Thursday, February 13, 2025

General line - 0115112241

පොස්පේට් අපනයනයට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි.




ඉකුත් රජය සමයේ මෙරටට අවාසිදායක ලෙස එප්පාවල පොස්පේට් නිධියේ පොස්පේට් අපනයනය කිරීමේ සිද්ධීන්වලට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එප්පාවල පොස්පේට් නිධියේ පොස්පේට් මෙටට අවාසිදායක ලෙස විදේශගත කිරීමට එරෙහිව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති බවයි.

එම තීන්දුවට පටහැනි ලෙස ඉකුත් රජය සමයේ පොස්පේට් තොග අපනයනය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ තුළින් රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් පෙත්සම්කරු පවසනවා. 

මේ තුළින් රටට සිදුවූ හානිය  සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙසේ සිදුවූ පාඩුව වගඋත්තරකරුවන්ගෙන් අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම අද ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඉදිරියේ කැඳවනු ලැබුවා. 

එහිදී මෙම පෙත්සමේ දක්වා ඇති කරුණු  පිළිබඳව ඉදිරියේදී දේශන ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණා.

 

උදය කුමාර