Thursday, February 13, 2025

General line - 0115112241

පුංචි ඡන්දය කැඳවීම අයවැයෙන් පසු සිදුකරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ පක්ෂ 13කින් ලිපියක්




පළාත් පාලන මැතිවරණය කැඳවීම අයවැයෙන් පසු සිදු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ ලියාපදිංචි පක්ෂ 13ක් එක්ව අත්සන් තැබූ ලිපියක් අද මැතිවරණ කොමිසම වෙත භාර දුන්නා. 

අයවැය කාලසීමාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කාර්යබහුල වන බැවින් අයවැයෙන් පසු පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසයි එම දේශපානල පක්ෂ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ. 

එම ලිපිය භාර දීමෙන් පසු සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 


පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද එහිදී අදහස් පළ කළා.