Thursday, February 13, 2025

General line - 0115112241

ලසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි




මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. 

අදාළ ඝාතන සිද්ධියේ සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තවදුරටත් නීතිය මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවට නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබුණා. 

ආනන්ද උදලාගම, තිස්සසිරි සුගතපාල, ප්‍රසන්න නානායක්කාර යන චූදිතයින්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බව අදාළ ලිපියේ දක්වා තිබුණා. 

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි සංවාදයක් මතුවුණා.