ඉකුත් ඉරිදා සංවේදී තායිවාන සමුද්‍ර සන්ධිය හරහා කැනේඩියානු යුද නෞකාවක් ගමන් කිරීමේදී චීන හමුදා ගුවන් යානා 24ක් දිවයින ආසන්නයේ තිබී හඳුනාගත් බව තායිවානය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
මෙම වසරේ ජල මාර්ගය සංක්‍රමණය කළ පළමු කැනේඩියානු නාවික යාත්‍රාව එය බව තායිවානයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජනපද නැව් දෙකක් ගමන් කර දින කිහිපයකට පසුව කැනේඩියානු යාත්‍රා ගමන් කර තිබේ.
එක්සත් ජනපදය සහ එහි සහචරයින් චීනය කෝපයට පත් කරමින් ජාත්‍යන්තර ජල මාර්ගයක් ලෙස එහි තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා කිලෝමීටර් 180 තායිවාන සමුද්‍ර සන්ධිය හරහා නිතිපතා ගමන් කරයි.
කෙසේවෙතත් මෙම අමෙරිකානු සහ කැනේඩියානු යුද නෞකා තායිවාන සමුද්‍ර සන්ධියේ ගමන් කිරීමට විරෝධය පළ කරමින් චීනය පැවසුවේ එම උපායමාර්ගික ජල මාර්ගය සිය රටට අයත් බවයි.
කෙසේවෙතත් තායිවානය ඊට විරෝධය පළ කර තිබේ.
ඒ අනුව තායිවානය පවසා ඇත්තේ තායිවාන සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් චීනයට අයිතියක් නොමැති බව සහ එම සමුද්‍ර සන්ධිය අතර ආතතිය ඇති කිරීමට චීනය ගන්නා ඕනෑම උත්සාහයක් ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් වන බවයි