Friday, September 20, 2024

General line - 0115112241

වනජීවීයෙන් දුම්රියට පාඩමක්




දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්ට විශේෂ වැඩමුළු මාලාවක් පැවැත්වීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, වනඅලීන් දුම්රියේ ගැටීමෙන් සිදුවන හානි වළක්වා ගැනීම සදහායි.

ඒ සඳහා වන අලීන් ගැවසෙන ප‍්‍රදේශවල දුම්රිය ධාවනය කරන රියදුරන් ඇතුළු ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය කාර්ය මණ්ඩල නිලධාරීන් ඊට සම්බන්ධ කර ගනු ඇති.

වනඅලීන් ගැවසෙන ප‍්‍රදේශ, ඔවුන්ගේ චර්යා රටා ඇතුළු වනඅලීන් සම්බන්ධ කරුණු පිළිබද මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි වනජීවි දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. එහි පළමු වැඩමුළුව ඉදිරි මාස දෙක ඇතුළත පැවැත්වීමට නියමිතයි.

මේ අතර වනඅලීන් දුම්රියවල ගැටීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදුකළ ක්‍ෂේත‍්‍ර චාරිකාවකින් ලබාගත් නිරීක්‍ෂණ ඇතුළත් වාර්තාවක් අද (29) ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට භාරදීමට නියමිතයි.