Friday, September 20, 2024

General line - 0115112241

තෙවරප්පෙරුමට එරෙහි විරෝධතා දැඩි වෙයි




නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව මෙතෙක් නීතිය කි‍්‍රයාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සේවා සංගමය අද (04) උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ සඳහා මතුගම කලාපයේ සියළුම විදුහල්පතිවරුද එක්ව සිටියා.

ඒ, මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදීයි.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ පසුගියදා මීගහතැන්න ප්‍රාථමික විදුහලට නියෝජ්‍ය ඇමතිවරයා කඩාවැදී විදුහල්පතිවරයාට අමානුෂික ලෙස පහර දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මීට පෙරත් විරෝධතාවයක් දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ බවත් පැවසුවා. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවුනහොත් විරෝධය මීට වඩා ප්‍රබල විය හැකි බවත් ඔහු පැවසුවා.