Friday, September 20, 2024

General line - 0115112241

‘මම මෛත්‍රීපාල සිරිසේන නම්’ – ගම්මන්පිල කියයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට චෝදනා නගමින් ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය ආයතනයක් ඉකුත් දා පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය අද (29) සිය ප‍්‍රතිචාර දැක්වූවා.

ඒ, කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. එහිදී හෙතෙම පැවසුවේ “මෙගා ඩීල් ගැන මෙගා බොරු කිව්ව අයට අද ඒක පළ දෙන්න පටන් අරගෙන. දෛවයේ සරදම කියන්නේ, මට එරෙහිව බොරුව ගොතන්න පාවිච්චි කරපු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන්මයි ජනාධිපතිතුමාට බෝම්බෙ පත්තු වෙන්නෙ. මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නම් වහාම කරන්නෙ රටේ ගෞරවය රැක ගනිමින් ඉල්ලා අස්වෙන එකයි.” යනුවෙන් පැවසුවා.

(එම හඬපටය පහතින් අහන්න)

ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ අදාළ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට ශ‍්‍රී ලංකාවේ මෙතෙක් පිහිටුවූ විශාලතම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිහිටුවීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ද නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා ඉකුත් දා කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහි අදාළ චෝදනා පිළිබඳ සැකයක් පවතින බවයි.

මෙමගින් රටට ඇති විය හැකි අවමානය වළක්වා ගැනීමට සක‍්‍රීයව පෙනී සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවද ඔහු පැවසුවා.

අදාළ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනටමත් ප‍්‍රකාශ කර තිබෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාට ද දැනුම් දී ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.