Friday, September 20, 2024

General line - 0115112241

‘රාජපක්ෂගේ දූෂණවල හැංගිලා මේගොල්ලො හොරකම් කරනවා’




සංවර්ධනය කරන බව පවසමින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක කොළඹ අද (29) පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූවා. එහිදී සියයට 51 ක කොටස් රජයට තබා ගැනීමේ කරුණ සැඟවීමට කටයුතු කරන බවද පැවසුවා.

එහිදී හෙතෙම පැවසුවේ “රාජපක්ෂගේ දූෂණවලට හැංගිලා තමයි දැන් මේ මේගොල්ලො හොරකම් කරන්නේ… විකුණන්නෙ.. අපි කියන්නේ මේක රාජපක්ෂගේ දූෂණයට ඝෘජුව සම්බන්ධයක් නැහැ. රාජපක්ෂලා වරායට කරපු හානිය වෙනම එකක්. ඒ කළාට පස්සෙත් වරාය ලාබයි.” යනුවෙනි.

ඉකුත් ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද අමාත්‍යවරුන්ට ස්වාධීනව කටයුතු කළ නොහැකි වන පරිදි බලපෑම් සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.