Friday, September 20, 2024

General line - 0115112241

හිටපු ආරක්ෂක ලේකම්ට චෝදනාවක්




යුද්ධයේ අවසන් සමයේදී ඇතැම් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට විදේශගත වීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා මුදල් ලබාගෙන අනුග‍්‍රහය දක්වා ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය මගින් ඒ පිළිබඳව ද වැඩිදුර තොරතුරු හෙළි කරගත හැකි බවයි මාධ්‍යවේදීන් සමග ඊයේ (29) පස්වරුවේ පැවති සුහද හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමෙන් පසු මීළඟ පියවර ලෙස සත්‍ය සෙවීමේ ආයතනයක් ද කඩිනමින් පිහිටුවන බව එහිදී ප‍්‍රකාශ කෙරුණා.

වැරදි අඩුපාඩු සිදුව ඇත්නම් ඒවා සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමට අධිකරණයක් පිහිටුවන බව ද විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

කෙසේ වෙතත් වෙනත් රටවල පිහිටුවන ලද හයිබි‍්‍රඩ් අධිකරණ මෙන් නොව මෙම අධිකරණය සම්පූර්ණයෙන්ම දේශීයව මෙහෙයවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

පිහිටුවන ලබන අධිකරණයට විදේශීය විනිසුරුවන් ඇතුළත් වන බවට තමන් කිසි විටෙකත් ප‍්‍රකාශ කර නොමැති බවද අමාත්‍ය මංගල සමරවීර පැවසුවා. කෙසේ වෙතත් අවශ්‍ය වුවහොත් විදේශීය විශේෂඥ සහාය ලබාගන්නා බවයි ඔහු කියා සිටියේ.