Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ අභ්‍යන්තර සාකච්ඡාවක්




කුරුණෑගලදී ලබන 04 වැනිදා පැවැත්වෙන සම්මේලනයේදී සම්මත කර ගත යුතු යෝජනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් අද (31) පස්වරුවේ ආරම්භ වනවා.

අමාත්‍ය එස්.බී. දිසානායක පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි. ඊයේ (30) රාත්‍රීයේ රැස්වූ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවත් සඳහන් කළා.

අමාත්‍ය එස්.බී. දිසානායක මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද උදෑසන පැවති උත්සවයකින් අනතුරුවයි.