Friday, September 20, 2024

General line - 0115112241

කඳුළු ගෑස් කාගෙන පිරිසක් පිටියට පනී (PHOTOS)




දඹුල්ල කුරුණෑගල මාර්ගය අවහිර කරමින් දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුනු පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරද්දි ඒ මධ්‍යයේ ක්‍රීඩා ලෝලීන් පිරිසක් ක්‍රිඩාපිටියට පැන ගැනීමට සමත් වුණා.

තවත් පිරිසක් මාර්ගය දිගේ දඹුල්ල දෙසට දිව ගිය බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

විරෝධය හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පැවතියා.

ක්‍රීඩාපිටිය ඉදිරිපිට යකඩ වැට කඩා දමමින් එහි තිබූ බැනර් ඉරා දමමින් ක්‍රීඩා ලෝලීන් පිරිසක් අද (31) සවස කළහාකරි ලෙස හැසිරෙමින් ක්‍රීඩාපිටිය දෙසට ගල්මුල් ප්‍රහාර ද එල්ල කළ බවයි වාර්තා වුණේ.  ක්‍රීඩ තරගය නැරඹීමට ටිකට් පත් නොලැබීම නිසා මෙම පිිරිස මෙසේ කලහාකාරි ලෙස හැසිරුණා.

DSC08904 DSC08903 DSC08898 DSC08889 DSC08887 DSC08881 DSC08861