Friday, September 20, 2024

General line - 0115112241

පන්සල්වලට ඇති තර්ජනය ගැන ජනපතිට ලියයි




උතුරු පළාතේ විහාරස්ථානවලට දිගින් දිගටම එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් සිය අවධානය යොමුකළ යුතු බව හෙළ බොදු සවිය සංවිධානය පවසනවා.

එහි සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ උතුරු පළාතේ විහාරස්ථානවලට ප‍්‍රහාර එල්ල කරන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවයි.

මේ අතර නෙත් එෆ්.එම්. රේඩියෝවේ අද (01) උදෑසන විකාශය කෙරෙන බැලූම්ගල වැඩසටහනින් ද සාකච්ඡා කෙරෙන්නේ උතුරු පළාතේ විහාරස්ථානවලට එල්ල වන තර්ජන පිළිබඳවයි.