Friday, September 20, 2024

General line - 0115112241

හෙල්මට් SLS නීතිය අද සිට – වැටලීම් කරන්නත් සැරසෙයි




ශ‍්‍රී ලංකා ප‍්‍රමිති සහතිකය සහිත යතුරුපැදි හිස් ආවරණ භාවිතය අද (01) සිට අනිවාර්යය කර තිබෙනවා.

රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව අවම කරගැනීමේ අරමුණින් මෙම නීතිය කි‍්‍රයාත්මක කරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න සඳහන් කළේ.

මෙම ක්‍රියාවලිය මීට වසරකට පෙර සිට ගැසට් කර තිබූ බවත් සඳහන් කළා. හිස්වැසුම් පැළඳගෙන දිනකට සිදුවන මරණ 07 හෝ 08 ක් වන බවත් පැවසුවා. ඒ හේතුවෙන් හිස්වැසුම් ප්‍රමිතියට අනුකූල කළ යුතු බවයි හසිත තිලකරත්න පෙන්වා දෙන්නේ.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමත නොකළ යතුරුපැදි හිස්වැසුම් අලෙවි කිරීම තහනම් බවත් පැවසුවා. ඒ අනුව අද සිට ප්‍රමිතියට අනුකූල නොවන හිස්වැසුම් අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසුවා.

කෙසෙවෙතත් හිස්වැසුම් භාවිතා කරන අයට යම්කිසි කාලයක් ලබාදීමට අවශ්‍ය බවත් සඳහන් කළා.