Friday, September 20, 2024

General line - 0115112241

ගෝඨා ඇතුලු පිරිසට නොතීසි




ඇවන්ගාර්ඩ් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක හා ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (01) නොතීසි නිකුත් කළා.

ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ සහ ජයරත්න පෙරේර සැකකරුවන් වෙයි.