Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති මෛත්‍රී ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් කූඩු කරයි – (VIDEO)



මාතර සුරාබදු අධිකාරි කාර්යාලය අද උදෑසන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා.

මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වි සිටියා.

කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව කාර්යාලය අවට ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.

මෙම සුරාබදු අධිකාරි කාර්යාලයේ කොටසක තිබු සිර මැදිරියක් ජනාදිපතිතුමාගේ විශේෂ අවධානයට ලක්වුණා.

මෙහි දී අපූර්ව සිදුවීමකුත් සිදුවුණා.

තමා සමග සිරමැදිරිය අසළට පැමිණි මැති ඇමතිවරු කිහිප දෙනෙකු ජනාධිපතිතුමා සිරමැදිරිය තුළට දැමුවේ අසල සිටි සියලු දෙනාම සිනහා සයුරේ ගිල්වමින්.

ජනාධිපතිතුමා මෙසේ සිරමැදිරිය තුළට දැමූ මැති ඇමතිවරුන් අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන,පසඳ යාපා අබේවර්ධන,දයාසිරි ජයසේකර,ශාන් විජේලාල් යන මැති ඇමතිවරු ද සිටියා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න..