Thursday, February 13, 2025

General line - 0115112241

ගිනිඅවියක් පත්තු වී වනජීවී නිලධාරියෙක් මරුට




හම්බන්තොට වල්සපුගල ප‍්‍රදේශයේදී සැකකරුවෙකු සමග කළ පොරබැදීමකදී රාජකාරි ගිනිඅවිය පත්තු වී වනජීවී නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ මෙම වනජීවී නිලධාරියා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධී සත්ත්ව දඩයමක් වැටලීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (05) අලුයම කෙරුණු මෙම වැටලීමේදී සැකකරුවෙකු පලා යාමට උත්සහ කර ඇති අතර පොරබැදීම සිදුව ඇත්තේ ඔහු සමග බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.