Sunday, May 5, 2024

General line - 0115112241

ගුවන් තොටුපළ පරිශ්‍රයේ කංසා වෙළඳාම් කිරීමට අවසර



ජැමෙයිකාවේ ආර්ථිකයට සහනයක් සෙවීමේ අරමුණින් එරට බලධාරීන් අමුතුම පියවරක් ගෙන තිබෙනවා.

ඒ එරට ගුවන් තොටුපළ පරිශ්‍රයේ කංසා වෙළඳාම් කිරීමට අවසර ලබාදීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට මෙසේ මෙම කංසා විකිණීම සඳහා නව නීතිරීති සම්පාදනය කිරීමක් සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

මෙම නීති සම්පාදනය වීමත් සමග එරට ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණෙන සහ පිටත්ව යන මගීන්ට මෙම කංසා ලබා ගැනීමට හැකිවනු ඇත. එසේම එම ප්‍රදේශයේදී මේවා භාවිත කිරීමටද අවසරය ලැබෙනු ඇත.

මෙම ගුවන් තොටුපළට පැමිණෙන මගීන් මෙම කංසා භාවිත කරන්නේ නම් ඔවුන් එම කඩවල ලියාපදිංචි වීම අවශ්‍යවනු ඇත.

මෙසේ ලියාපදිංචි වන්නට සීමිත ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව තිබෙන අතර ඔවුන් රටින් පිටවන අවස්ථාවේදී එවන් ප්‍රමාණයක් රැගෙන යාමට හැකිවන පරිදි නීති සකස් කෙරෙන බවද ප්‍රකාශවී ඇත.

මෙම කංසා නීතිය සම්මත වීමෙන් පසු එරට වරාය මගින් පැමිණෙන විදේශිකයන්ට ද කංසා ලබාගැනීමට හැකිවනසේ පියවර සැකසෙනු ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරනවා.