Thursday, March 28, 2024

General line - 0115112241

වරක් හකුළ ගත් වැට්බදු කෙටුම්පත යළිත් දිගහරී




වැට්බදු සංශෝධන පනත් කෙටුම්පතට අද (13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිිමිව තිබෙනවා. මීට පෙර වැට් බදු සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එය ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළා.

අද මෙම පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ පෙර ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ අඩංගු කරුණුවලටද නැවත සංශෝධන සිදු කරමින්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ  “බදු පනත අද අමාත්‍ය මණ්ඩලයේ දී සම්මත කළා. තිබුනු වැට් බදු පනතට වඩා ජනතාවට අවම පීඩනයක් ලබාදෙන වැට් බදු පනතක් තමයි අද සම්මත කරනු ලැබුවේ. එම වැට් බදු පනත ඉදිරිපත් කළ පසු මමත්, චම්පික රණවක ඇමැතිතුමාත්, සරත් අමුණුගම ඇමැතිතුමත් දිර්ඝ ලෙස කරුණු පැහැදිළි කළා. ඒ පීඩනයක් නොමැති වැට් බද්දක් ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවය පිළිබදව.” යනුවෙනි.