Thursday, March 28, 2024

General line - 0115112241

මහනුවරට ගිය විමල්ට මල්වතු මහානාහිමිගෙන් ඔවදනක් (VIDEO)




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද (13) මහනුවරට පැමිණියා.

මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ මන්තී‍්‍රවරයා අදහස් දැක්වූවා. එහිදී හෙතෙම පැවසුවේ “අපිට තියෙන අවබෝධය අනුව යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි අනතුරක් දකිනවා. ඒක කල්තියා දැනුම්දීම දේශපාලඥයන් ලෙස අපේ වගකීමක්.” යනුවෙනි.

කෙසේ වෙතත් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් පැවසුවේ නව ව්‍යවස්ථා කෙටුම්පත එළිදක්වා නොමැති අවස්ථාවක සැකයෙන් යුතු ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ යුතු බවයි. නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදය ඇති කරන කිසිඳු යෝජනාවක් ඉදිරිපත් නොකරන බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහතික වී තිබියදී කලබල වීම අවශ්‍ය නොවන බවයි මහානාහිමියන් මෙහිදී කියා සිටියේ.