Thursday, April 25, 2024

General line - 0115112241

වචනයක් එහා මෙහා වී බිරිඳ ඝාතනය කර සැමියා වස බොයි




කඹුරුපිටිය විටියල ප‍්‍රදේශයේ 59 හැවිරිදි පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් අද (13) වාර්තා වුණා.

පසුව එම පුද්ගලයාද වස පානය කර සිය දිවි හානි කරගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් ඝාතනයක් දක්වා දුරදිග ගොස් ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක්වූයේ සුදු හකුරුගේ කුසුමාවතී නැමැති වයස අවුරුදු 54 ක් වන බිරිඳයි. ඝාතනය සිදු කර වස පානය කර මියගොස් ඇත්තේ මීපාවිට ගමගේ චන්ද්‍රෙස්න නැමැති වයස අවුරුදු 59 ක් වූ සැමියායි.

මෙම අඹුසැමි යුවළට දරුවන් දෙදෙනෙකු සිටින බවද සඳහන්.