Monday, May 6, 2024

General line - 0115112241

බුදු හිමිගේ ශීර්ෂ ධාතූන් වහන්සේ නමක් චීනයේ කැණීමකදී හමුවෙයි (PHOTOS)



බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතූන් වහන්සේගේ කොටසක් චීනයේ නැන්ජිං ප්‍රදේශයේ ඉපැරණි විහාරස්ථානයක කරන ලද කැණීමකදී හමුවී ඇති බවට පුරාවිද්‍යාඥයන් විදෙස් මාධ්‍යයට පවසා තිබෙනවා. ෂෙන්සොං අධිරාජයා විසින් 11 වැනි සියවසේදී ප්‍රතිසංස්කරණය කොට ගොඩනගන ලද භූමියේ භූගත ගෘහයක ඉතා සුරක්ෂිතව එම සර්වඥ ධාතූන්වහන්සේ තැන්පත් කොට තිබී ඇති බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නෙ.

සෙන්ටිමීටර් 117ක් හා පළලින් සෙ.මී. 45ක්ද වන සඳුන් දැව, රන්, රිදී හා වෙනත් මැණික් වර්ග ඔබ්බවා සාදා ඇති මංජුසාවක් තුළ වූ රිදී මංජුසාවක සෙන්ටිමීටර් 20 උසකින් හා අඟල් 7.08 පළලකින් යුතු රත්රන් මංජුසාවක් තුළ මෙම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත්කොට තිබූ බවයි වාර්තා වන්නෙ.

ගෞතම බුදුන් වහන්සේගේ දාතූන් වහන්සේ නමක් බවට ලිඛිත සාක්ෂිද හමුව ඇතැයි පුරාවිද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා.

 

මුල්ම අවධියේ මෙම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ ස්ථානය නොයෙක් විනාශකාරී අවස්ථා නිසා ස්ථානීය වෙනස්වීම් අනුව 11 වැනි සියවසේදී ෂෙන්සොං අධිරාජයාට කෘතඥපූර්වක වන්නට එහි සුරක්ෂිතව තැන්පත් කර ඇති බවද සඳහන්ය.

01 02 03 04 05