Wednesday, May 8, 2024

General line - 0115112241

නිදාගන්න හොඳම කොට්ටය තෝරාගන්න,මේ පුංචි පරීක්ෂණය කරලා බලන්න



මොන දේ තිබුණත් හොඳ නින්දක් ලබන්න බැරි නම් ඒ ජීවිතයෙන් වැඩක් තියනවද?

හොඳ නින්දකට ඔබගේ මානසික තත්වය මෙන්ම,ඔබ නිදාගන්න කොට්ට,මෙට්ට පවා විශාල බලපෑමක් සිදු කරනවා.

මේ කියන්න යන්නේ ඔබ නිදාගන්න කොට්ටය ගැන..

ඔබ නිදාගන්න කොට්ටය ඊට සුදුසුද? ගැළපෙනවද?සෞඛ්‍යාරක්ෂිත ද ?

මේ එය බලාගත හැකි සරළ ක්‍රමයක්.

පලමුව කොට්ටය දෙකට නමා ඒ මත පොතක් තබන්න

පසුව ඔබේ අත පසෙකට ගන්න.

ඒත් සමගම කොට්ටය දිග හැරී පොත පසෙකට විසි වේ නම් නිදා ගැනීම සදහා එම කොට්ටය සුදුසු යැයි විද්‍යාඥයෝ කියති.