Thursday, May 9, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම එල්ලීම ගැන රංජන්ගේ ෆේස්බුක් පණිවුඩය



අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා සිය දිවි හානිකරගැනීමට උත්සාහ කිරීමෙන් අනතුරුව මේ වනවිට පසුවන්නේ රෝහල්ගතවය. ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම අවස්ථාවේ ඡායාරූපද සමග මෙවන් සටහනක් තම ෆේස්බුක් පිටුවෙහි පලකොට තිබෙනවා.

පාලිත තෙවරප්පෙරුම නි.ඇමතිතුමා බලන්න ගියා නවලෝක රෝහලට ඊයේ රාත්‍රියේදී. ඔහු අනුගමනය කල ක්‍රියා පිළිවෙත මම අනුමත නොකළත් ඔහු පෙනී සිටියෙ කුඩු කාරයන් හෝ මැරයන් සදහා නොව අහිංසක දරැවන් සදහා බව අපි අමතක නොකළ යුතුයි

මීට මාස කිහිපයකට පෙර වියෝවූ ඔහුගේ පුතා ගැන සිත සිතා ඔහු ඉතා කනගාටුවෙන් කාලය ගත කරන බව ඔහු සමඟ සිටිනා පුද්ගලයන් නිතර කියන දෙයක්

ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු අපි සියලුම දෙනා

01