Thursday, May 9, 2024

General line - 0115112241

අගමැති අර්ජුන් මහේන්ද්‍ර‍න්ට අලුත් වැඩක් බාර දෙයි!



බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග ලොව රටවල් රැසකටම ආර්ථික හා සමාජීය ප්‍ර‍ශ්න රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දෙන ගැටලු විසඳීමට අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ දොළොස් පුද්ගල අනු කමිටුව ඊයේ (04) සිට කටයුතු ඇරඹුවා.

මෙහි කැඳවුම්කරු ලෙස පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතාය.

සෙසු සමාජිකයින් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් , භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම්, ජනාධිපති ආර්ථික උපදේශක සරත් රාජකරුණා, ආචාර්ය සමන් කැලේගම, ක්‍රිෂාන් දිසානායක, මහාචාර්ය සිරිමල් අබේරත්න, නිෂාන්ද මැල්, මුර්තසා ජෙෆර්ජි හා අනුෂ්ක විජේසිංහ මහත්වරු එම කමිටුවේ සෙසු සමාජිකයින්වනවා.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට බලපාන ආර්ථීකමය කරුණු හමුවේ ආසියානු රටවල් සමග මධ්‍ය සහ දීර්ඝ කාලීන වශයෙන් සම්බන්ධතා තර කරගන්නා ආකාරය රජයට නිර්දේශ කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය වනවා.