Friday, September 20, 2024

General line - 0115112241

නුවන් කුලසේකරට පොලිස් ඇප (UPDATE)




කිරිල්ලවල රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

නිට්ටඹුවේ පදිංචි 28 හැවිරිදි තරුණයකු යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී ඔහුගේ යතුරු පැදිය පාරේ සිමෙන්ති කොටසක වැදී පාර මැදට විසිවී ඇති අතර පිටුපසින් පැමිණි කුලසේකරගේ වාහනයට යට වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් එම තරුණයා මිය ගොස් තිබෙනවා.


නුවන් කුලසේකරගේ මෝටර් රථයේ ගැටී තරුණයෙකු මරුට – කුලසේකර අත්අඩංගුවට

(Sep 19, 2016 @ 18:13)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර පැදවූ මෝටර් රථයට කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී තරුණයෙකු ගැටී තිබෙනවා.

රිය අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්  මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ කිරිල්ලවල ප‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් 28 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.

දැනට පොලිස් භාරයේ සිටින නුවන් කුලසේකර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.