Wednesday, April 24, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා ජූඩෝ කී‍්‍රඩකයෙකුට පළමු වරට ඔලිම්පික් වරම්




බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ජූඩෝ ඉසව්ව සඳහා සභභාගි වීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකුට පළමු වරට හිමිවී තිබෙනවා. ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ වයිල්කාඞ් ක‍්‍රමය යටතේ ශී‍්‍ර ලංකාවට මෙම අවස්ථාව හිමි වූ බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව අද (26) නිල වශයෙන් දැනුම් දුන් බවයි.

ජූඩෝ ඉසව්වට සහභාගි වීම සඳහා මෙලෙස අවස්ථාව හිමි වූයේ චාමර නුවන් ධර්මවර්ධනටයි. ඔහු ඉකුත් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ජූඩෝ ඉසව්වේ කිලෝග‍්‍රෑම් 73 බර පන්තියෙන් තරග වැදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම දිනා දුන්නා.

එමෙන්ම ඔහු මීට පෙර ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල දෙකකදී ශී‍්‍ර ලංකාව නියෝජනය කර තිබෙනවා.

මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනෙකු සහභාගි වනවා. පිරිමි මැරතන් ඉසව්ව සඳහා අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, කාන්තා මැරතන් ඉසව්ව සඳහා නිලූකා ගීතානි රාජසේකර සහ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව සඳහා සුමේධ රණසිංහ සහභාගි වීමට නියමිතයි.

මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පිහිනුම් ඉසව් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම් සහභාගි වනවා. නිලූක කරුණාරත්න බැඞ්මින්ටන් කේවල ඉසව්ව සඳහා තරග වදින අතර මංගල සමරකෝන් වෙඩි තැබීමේ ඉසව්වට සහභාගි වීමට නියමිතයි. මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙල ලබන අගෝස්තු මස 5 වැනිදා ආරම්භ වනවා.