Friday, September 20, 2024

General line - 0115112241

බෙදුම්වාදය සවිමත් කරන උතුරේ සමරු උත්සව පෙළක් ගැන විමල් හෙළි කරයි (VIDEO)




යුද්ධයෙන් පරාජය කෙරුණු දෙමළ බෙදුම්වාදය උතුරේ සහ නැගෙනහිර නැවත ශක්තිමත් වෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා.

බෙදුම්වාදී අරමුණු සහිතව සැමරුම් මාලාවක් ද උතුරේ සංවිධාන කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

“දැන් සූදානම් වෙනවා ලබන 24 වෙනිදා ‘එලුහ -තමිල් කියලා වෙනම අර ‘පොංගු-තමිල්’ එක වෙන ස්වරූපයෙන් කරන්නේ.‘එලුහ-තමිල්’(අවදි වනු දෙමළුනි) කියලා උතුරෙ විශාල වැඩසටහන් පවත්වන්න ලෑස්තිවෙනවා. LTTE යේ මියගිය ත්‍රස්තවාදීන් සමරන ව්‍යාපාර මේ නොවැම්බරයේදී මහ ඉහළින් සමරන්න සූදානම් වෙනවා. දැනටම පාසල්වල පත්‍රිකා බෙද බෙද ඒ සඳහා තරුණ දරුවන් උනන්දු කරවනවා.

එතන යන්නේ අන්තවාදය. දෙමල බෙදුම්වාදයයි වීරත්වයට නංවන්නේ. මෙතන රට බේරාගත් ආරක්ෂක හමුදා රණවිරුවන් වීරත්වයට නංවනවා නෙමෙයි ඔවුන්ගේ කොඳු කඩලා එක දවසක සේවා දිගුවක් නොදී ඔවුන්ව එලවනවා අතන දෙමල බෙදුම්වාදී ත්‍රස්තවාදය වීරත්වය බවට බෞතීස්ම කරනවා දවසින් දවස”.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළකලා.

ආණ්ඩුව සහ දෙමළ ඩයස්පෝරාව අතර සැකසහිත සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් ඇතැයි ද එහිදී ප‍්‍රකාශ කෙරුණා.

 

ජාතික නිදහස් පෙරමුණ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පහතින් බලන්න