Friday, September 20, 2024

General line - 0115112241

පාඨලී සැකකරුවෙක්ද? නැද්ද? – තීන්දුව දෙයි




රාජගිරිය ප‍්‍රදේශයේ ඉකුත් පෙබරවාරි 28 වෙනිදා සිදුවූ මතභේදාත්මක රිය අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29) තීන්දු කළා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී අමාත්‍යවරයා අදාළ රථය පදවා ඇති බවට ද සාක්ෂි අනාවරණ වී නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

රථය පදවා ඇත්තේ අමාත්‍යවරයාගේ රියදුරු බවට ද අද තීන්දු කෙරුණා. තමා මෙම තීන්දුවට එළඹියේ පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යවරයෙකු ලෙස සලකා නොවන බවයි  අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. අධිකරණයට ඉදිරිපත් වූ කරුණු පමණක් සිය තීන්දුවට පාදක කර ගැනුණු බවද ඔහු කියා සිටියා.