Wednesday, May 8, 2024

General line - 0115112241

ඊයේ තරඟයේ දී ජොස් බට්ලර් හොර කළ හැටි මෙන්න – (VIDEO)



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති පළමු සහ එකම T20 තරඟය ඊයේ (05) රෝස් බෝල් පිටියේ දී පැවැත් වුණා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ ලකුණු 141 රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළා.

මෙම තරඟයේ විනිසුරුවරයෙකු ලබා දුන් තීරණයක් විශේෂ කතා බහකට ලක්වුණා.

ඒ එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් ඇන්ජලෝ මැතිවස්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් හට උඩ පන්දුවක් ලබා දුන්නත් එය නොදැවී යාමක් ලෙස සටහන් කිරීමයි.

කෙසේ වෙතත් ජොස් බට්ලර් ද පිටියෙන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කළා.

තාක්ෂණය තිබිය දී එය යොදා නොගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ විවේඡනයට ලක්වුණා.

ක්‍රීඩාවේ ජීව ගුණයට මෙවැනි සිදුවීම් නරක පූර්වාදර්ශ සපයන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් බටලර් පන්දු 49 තුළ ලකුනු 73ක් ලබාගනිමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර ඔහු තරඟයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

එම විශේෂ අවස්ථා පහතින් නරඹන්න