Saturday, September 21, 2024

General line - 0115112241

ඇමති අකිල වෛද්‍යවරු සමග මතගැටුමක




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල් සඳහා ඇතුළත් කර ගැනීම සඳහා ඔවුන් සකස් කෙරෙන ලේඛනය කිසිසේත් පිළිනොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ මින් ඉදිරියට නිශ්චිත ක‍්‍රමවේදයෙන් පරිබාහිරව පාසල් ලබාදීමක් සිදු නොකරන බවයි.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා හරහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුවත් කළ බව ද නෙත් නිව්ස් කළ විමසුමක දී අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා වක‍්‍රාකාරයෙන් සිදු කරන්නේ ජනතා නොමග යැවීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ සම්බන්දයෙන් එහි ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මෙලෙස අදහස් දැක්වූවා.

“අකිල විරාජ් ඇමතිතුමා දැන් විවිධ ප්‍රකාශ කරාට , ඕකම තමයි අපේ ඉල්ලීම වෙලා තියෙන්නෙත්. එතුමා දැන් අපේ ඉල්ලීමම තමයි වක්‍රාකාරව පිළිඅරගෙන මේකට සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ගේන්න මේ වගේ විවිද ප්‍රකාශ කරන්නේ. නමුත් එතුමට ඇත්තටම කළයුතුව තිබුනේ ඒ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්සනින් ඉදිරිපත් කරතිබෙන ඉල්ලීම් සලකා බලලා ඒ වෛද්‍යවරුන්ට පාසල් ලබාදෙන්න. යම්කිසි පුද්ගලයෙකුට පාසල් ලබාදීම ගැටළු සහගත නම් ඒ පිළිබඳව අවශය කටයුතු කරන්න. නමුත් එතුමගේ තියෙන, අර එතුමම කියන දේශපාලන පරිනතභාවය සහ සමාජ විද්‍යාව පිළිබඳ දැනුම නිසා එතුමා තීරණයක් ගත්තා වෛද්‍යවරුන්ට පාසල් දෙන්නේ නැහැ කියලා. ඒක වැරදියි”.

මේ සම්බන්ධයෙන් ද නෙත් නිව්ස් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් විමසීමක් කළා.

“ඒ මාරුවීම් මත අපිට ලබාදෙන්න පුළුවන් කම තිබෙනවා.විශේෂයෙන් අපි ලබා දීලත් තිබුණා ඒවා පිළිගත්තේ නැති ප්‍රශ්නෙයි තිබුනේ .මොකද යම් කෙනෙක් රාජකාරී වශයෙන් මාරුවෙනවනම් ඉතිං අපි චක්‍රලේඛයට එහා ගිහිල්ලත් උදව්කරන්න ලෑස්තියි මනුෂ්‍යයෝ විදිහට. නමුත් එක එක බලපෑම් කරලා , මඩ පෝස්ටර් ගහලා ලිඳ ලඟ සංගමය විදිහට ඇවිල්ලා කරන ඉල්ලීම් වලට අපිට කරන්න පුළුවන් උදව්වක් නැහැ”.

එහෙත් අධ්‍යාපන අමාත්‍යවරයා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග වෛරයෙන් කටයුතු කරන බව වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළා.