Thursday, May 9, 2024

General line - 0115112241

යක්ෂයා ඉසුරුපායේ දොරකඩ – අත ළඟම කුඩු ගහන පාසැලක්



අධ්‍යාපන අමාත්‍යංශයට යාබදව පිහිටි විද්‍යාලයක සිසුන් සිවුදෙනෙක් මත්ද්‍රව්‍ය පානය කර හසුවී ඇති බව වාර්තා වනවා.

 

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති විදුහල්පතිවරයා ඔවුන්ට අවවාද කර පිටත් කර ඇති බවයි පැවසෙන්නේ.

කලක සිට මත්ද්‍රව්‍ය පානය කිරීම පාසැල තුළ සිදුවන අතර විදුහලේ මුරකරු නොදැනුවත්ව මෙය සිදුවිය නොහැකි බවයි සිසුන් පවසන්නේ.

 

කලක සිට මෙලෙස පාසැලේ මත්ද්‍රව්‍ය පානය කරන බව පාසැලේ ඇතැම් සිසුන් තම දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.

 

මෙම සිසුන් මත්ද්‍රව්‍ය අඩංගු ස්ටිකර්ස් වැඩි වශයෙන් දිව යටින් තබා ගැනීමට පුරුදුවී ඇති බවයි පැවසෙන්නේ.