Saturday, September 21, 2024

General line - 0115112241

නාවික හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් කොල්ලුපිටියේ ලැගුම්හලක




කොල්ලූපිටිය ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක තිබී නාවික හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔහු එම ලැගුම්හලේ කාමරයක ගෙල වැළලාගෙන සිටිය දී සොයාගත් බවයි.

විසි දෙහැවිරිදි මෙම නාවික හමුදා සෙබළා නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු පෙරේදා පස්වරුවේ මෙම ලැගුම්හලට පැමිණ තිබෙනවා.

එහෙත් ඔහු යළි ඉන් පිටතට නොපැමිණි නිසා ලැගුම්හලේ පාලනාධිකාරිය ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව සිදු කළ පරීක්ෂණවල දී මළ සිරුර සොයා ගැණුනා.

dead-body