Thursday, May 9, 2024

General line - 0115112241

වාහන නඩුවලට උසාවි නොගොස් දඩය ගෙවිය හැකි අලුත්ම ක්‍රමයක්



රථවාහන නඩු සඳහා අධිකරණයට නොපැමිණ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට දඩ මුදල ගෙවීමට අවස්ථාව සලසා දෙන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පොලිසිය තීරණය තිබෙනවා.

 

මෝටර් රථ ප්‍රවාහන ආඥා පනතේ 224 වගන්තියට අනුව නඩුවක් පැවරූ අවස්ථාවක අනතුරක්, තුවාල කිරීමක් හෝ අලාභහානියක් සිදු නොකළ විටක සිතාසිය යවන අවස්ථාවේ රියදුරාට ගෙවීමට තිබෙන දඩ මුදල එහි සඳහන් කර යැවීමටයි පොලිසිය සැළසුම් කර ඇත්තේ.

 

මෙලෙස සිතාසියේ දඩ මුදල සඳහන් කර ඇති අවස්ථාවක අධිකරණයට නොපැමිණ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට දඩ මුදල ගෙවීමට අවස්ථාව සලසා දෙන බවද ඔහු පවසා සිටියා.

 

මේ අනුව අධිකරණවල තදබදය අවම වී දඩ මුදල් ගෙවීමේදී පහසුවක් ඇතිවන බවයි පොලිස් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේ.