Friday, March 29, 2024

General line - 0115112241

කුසල් – චන්දිමාල් සහ මැතිව්ස් ඉතිහාසය වෙනස් කරයි




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 3 වන එක්දින කි‍්‍රකට් තරගය මේ වන විට බි‍්‍රස්ටල් හිදි පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 9 ක් දැවී ලකුණු 248 ක් රැස් කිරීමට සමත් වුණා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 62 යි. යොවුන් කි‍්‍රඩක කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් රැස් කළා. නායක ඇන්ජලෝ මැතිව්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 56 ක්.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අංක 3, 4 සහ 5 පිතිකරුවන් මෙලෙස එක්දින තරගයකදී අර්ධ ශතක වාර්තා කළේ වසර 4කට පසුව වීමද විශේෂත්වයක්.

මීට අමතරව කුසල් මෙන්ඩිස් අද (26) වාර්තා පොතට එක්වූයේ එංගලන්තය එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කළ දෙවන ලාබාලතම ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙසින්. උපුල් තරංග වේගවත් ලකුණු 41ක් රැස් කළා.

13515370_10209928936526359_1924927220_n 13535684_10209928936766365_1213281575_n

246075 246091 246095