Saturday, September 21, 2024

General line - 0115112241

සමාගම් 04 ක් නිසා ‘රවී’ ටත් නොතීසි




අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායකට අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළා.

ඒ, බීර නිෂ්පාදන සමාගමක් ඇතුළු සමාගම් 4 කට බදු සහන ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි. ඒ අනුව ලබන මස 12 වෙනිදා එලෙස පෙනී සිටින ලෙසයි දන්වා ඇත්තේ.

භික්ෂූන් වහන්සේ හය නමක් විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. අදාළ සමාගම් 4ට ලබාදී ඇති බදු සහනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 600 ක පාඩුවක් සිදුව ඇති බවයි රිට් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ.