Saturday, September 21, 2024

General line - 0115112241

‘විග්නේෂ්වරන් කඹයක් දුන්නා’




යාපනයේ පැවති එළුග තමිල් විරෝධයේදී උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කළ ජාතිවාදී ප‍්‍රකාශ හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ දේශපාලන වශයෙන් සිදුව ඇති බංකොලොත් වීම වසා ගැනීම සඳහා සී.වී. විග්නේෂ්වරන් මෙවැනි ප‍්‍රකාශ සිදුකරන බවයි.

සී.වී. විග්නේෂ්වරන්ගේ ජාතිවාදී ප‍්‍රකාශ නිසා ජාතිවාදය අවුලවාලීමට උත්සහ කරන දකුණේ පිරිස්වලට ද ඒ සඳහා අවස්ථාවක් ලැබෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහිදී හෙතෙම පැවසුවේ “මහින්ද රාජපක්ෂ වටේ ඉන්න.. එල්ලෙන්න පිදුරු ගහක්වත් නැති අයට විග්නේෂ්වරන් කඹයක් දුන්නා.” යනුවෙනි.