Saturday, September 21, 2024

General line - 0115112241

සිසුවිය බෙදාගන්න බැරිව එක් සිසුවෙක් තවත් සිසුවෙකුට පිහියෙන් අනී




ප‍්‍රධාන පෙළේ පිරිමි පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු අතර මහමගදි ඇති වූ ගැටුමකින් එක් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා. ගැටුම සිදු වී ඇත්තේ  ප්‍රධාන පෙළේ බාළිකා පාසලක් ඉදිරිපිටදීයි.

පොලීසිය සැක කරන්නේ සිසුන් දෙදෙනාම එක් සිසුවියකට පෙම්කර ඇති බවයි. මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පිරිමි පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු අතර මෙම ගැටුම ඇති වී ඇත්තේ මහනුවරම ප්‍රධාන බාළිකා පාසලක සිසුවියක වෙනුවෙනි.

එක් සිසුවෙකු අනෙක් සිසුවාට පිහියකින් ඇණ ඇති බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. පිහිඇණුම සිදුකළ සිසුවා පලායාමට උත්සාහ කිරීමේදී අවට සිටි පිරිස් විසින් අල්ලාගෙන රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට භාරදී තිබෙනවා.

තුවාල ලැබූ සිසුවා මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ මහනුවර මහරෝහලේයි. සිසුන් දෙදෙනා වයස අවුරුදු 16 වැනි වියේ පසුවන්නන් බවත් සඳහන්.