Saturday, September 21, 2024

General line - 0115112241

පාතාල ගැටුමෙන් වැලිපැන්න දෙදරයි – අයෙක් මරුට තිදෙනෙකුට තුවාල (UPDATE)!




වැලිපැන්න හතරේ කණුව කුරුන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක පළ වනවා.

මෙම වෙඩි තැබීමෙන් 36 හැවිරිදි කාන්තාවක් මියගිය අතර තුන් හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් ප්‍රතිකාර ලබන්නේ කළුතර නාගොඩ රෝහලේයි.

යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ටී56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදුකර ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී තිඛෙනවා.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ බලපිටියේ සුජී නමැති පාතාල කල්ලි සාමාජිකයා විසින් බවටයි සැකකෙරෙන්නේ.

ඔහුගේ ඉලක්කය වී ඇත්තේ තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු බව බලපිටියේ සංජීව නැමැත්තෙක්.

කෙසේ වෙතත් වෙඩි වැදී මියගොස් ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි කාන්තාවක්.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ බලපිටියේ සංජීව නමැති පාතාල කල්ලි සාමාජිකයා නිවසේ නොසිටි බව විමර්ශනවලදී අනාවරණ වී තිඛෙනවා.

බලපිටියේ සංජීව නමැති මෙම පුද්ගලයා කලක් බලපිටිය ප්‍රදේශයේ වාසය කර පසුව වැලිපැන්න ප්‍රදේශයට පැමිණි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

—————————————————————————————————————–

නිවසට පැමිණ වෙඩි තබයි – කාන්තාවක් මරුට

(Sep 28, 2016 @ 21.23)

මින් මද වේලාවකට පෙර වැලිපැන්නේ නිවෙසක සිදු වු වෙඩි තැබීමකින් 38 වියැති කාන්තාවක මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෙකු සහ පිරිමි පුද්ගලයෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

යතුරුපැදි දෙකකින් පැමිණි හතරදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩි වැදී මිය ගිය කාන්තාව බලපිටිය සංජීව නැමැති පාතාල ක්‍රියාකාරිකයෙකුගේ බිරිඳක් ලෙසටද වාර්තා වෙනවා.