Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුවේ ණය වියරුවෙන් රට දරුණු අර්බුදයක – මහින්ද




රටකට ගතහැකි ණය ප්‍රමාණය තීරණය වන්නේ එකී ණය ආපසු ගෙවන්නට පවත්නා හැකියාව මත බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

තමාගේ ආණ්ඩුව හැම විටම ණය ගත්තේ ඒ කාරණය හොඳින් මතක තබාගෙන බවයි ඔහු කියා සිටියේ. අද (29) ඒකාබද්ධ විපක්ෂයේ බත්තරමුල්ල කාර්යාලයේ දී පැවති “යහපාලන ආණ්ඩුවේ බදු සහ ණය අර්බුදය” පිළිබඳ දේශනයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.

එහිදී “අපිට අද පේනවා වැට් බද්දට රට පුරාම විශාල විරෝධයක් ඇතිවෙලා තියෙනවා කියන කාරණය. විශේෂයෙන්ම නගර ආශ්‍රිත වෙළඳ ප්‍රජාව අද ජනතා සහයෝගයත් ඇතිව මේ බද්දට විරුද්ධව පාරට බැහැල තියෙනවා. ආණ්ඩුව මේ බද්ද සාධාරණීකරනය කරන්න පහුගිය කාලේ විශාල මුදලක් වියදම් කරලා හැම ජනමාධ්‍යයකම දැන්වීම් දාල කිවුවේ මගේ පාලන සමය තුළ ගත්ත ණය ගෙවන්න බදු අයකරන්න වෙලා තියෙනවා කියලා. මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ මොකක්ද කියලා ජනතාවට කියන්න ඕන කියලා මම හිතුවා.” යනුවෙන්ද පැවසුවා.

(එකී සම්පූර්ණ දේශනය පහතින් දැක්වෙයි.)

Media Release 29 June 2016 Sinhala-1Media Release 29 June 2016 Sinhala-2Media Release 29 June 2016 Sinhala-3Media Release 29 June 2016 Sinhala-4Media Release 29 June 2016 Sinhala-5